නිල්ගල රක්ෂිතයේ ගින්නක්

Thursday, 20 July 2017 - 16:12

%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
මොනරාගල - මැදගම - නිල්ගල රක්ෂිතයේ මේ වනවිට ගින්නක් හට ගෙන තිබෙනවා. අප වාර්තාකරු සදහන් කළේ ගින්නෙන් අක්කර 15 කට වැඩි භූමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇති බවයි.

ප්‍රදේශවාසීන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, මොනරාගල - මැදගම - පොල්ගොල්ල රක්ෂිතයේ ඊයේ හට ගත් ගින්න මේ වනවිට නිවා දමා තිබෙනවා.

අප වාර්තාකරු සදහන් කළේ ගින්නෙන් අක්කර 100 කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories