ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙසට 71 හැවිරිදි රාම් නාත් කෝවින්ද් තේරී පත්වී තිබෙනවා.
ඒ අනුව ඔහු ඉන්දියාවේ 14 වන ජනාධිපතිවරයා ලෙසට ලබන 25 වනදා දිවුරුම් දෙනු ඇති.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වු මීරා කුමාර්ට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමිනුයි රාම් නාත් කෝවින්ද් ජයග්‍රහණය කර ඇත්තේ.
බිහාර් ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රාම්නාත් කෝවින්ද්ගේ දිල්ලි නුවර පිහිටි නිවසට මේවන විට දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.
එමෙන්ම ඔහුගේ පාක්ෂිකයන් රැසක් ද නිවස වටා එක්රැස් වී සිටිනවා.
පසුගිය 17 වනදායි ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම පැවැත්වුණේ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂක රාම් නාත් කෝවින්ද් සහ කොංග්රස් පක්ෂයේ් මෙයිරා කුමාර් ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලෙසට ඉදිරිපත් වුනා.
ඉන්දීය ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනෙන්නේ එරට පාර්ලිමේන්තු සහ රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් 787 දෙනෙකුගේ ඡන්දයෙන්.

Follow US
Most Viewed Stories