කොකේන් කන්ටේනරය මාස 9 ක් කොළඹ වරායේ

Thursday, 20 July 2017 - 19:18

%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+9+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A
රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේදී ඊයේ සොයාගත් කොකේන් තොගය තිබූ සීනි බහාළුම මාස 09 ක කාලයක් කොළඹ වරායේ තිබි ඇති බව සීනි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි මාධ්‍ය ලේකම් හේමක ප්‍රනාන්දු කියා සිටියේ බ්‍රසීලයෙන් ආනයනය කරන ලද තවත් සීනි බහාළුම් 75 - 80 ත් අතර ප්‍රමාණයක් තවදුරටත් කොළඹ වරායේ පවතින බවයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී බ්‍රසීලයෙන් සීනි ආනයනය කිරීම නතර කරන බවට සීනි ආනයනකරුවන් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඊයේ (19) කොකේන් හමුවු බහාළුම ඊට පෙර බ්‍රසීලයෙන් ඇණුවුම් කරන ලද්දක් බවයි සීනි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් හේමක ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.

සීනි ආනයනය කරන පෞද්ගලික සමාගමකට මෙම ටෙන්ඩරය ලබාදී තිබුණේ සතොස ආයතනය මගින්. ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් අද (20) කැඳවා තිබූ අතර, ඊට එක්වෙමින් අදහස් දැක්වු සතොස සභාපති ටී.එම්.කේ.බී.තෙන්නකෝන් කියා සිටියේ රේගු පරීක්ෂණයේදී බහාළුමේ කොකේන් නොමැති බවට නිගමනය කර ඇති බවයි.

මේ පිළිබඳව චෝදනාව එල්ල වන රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයවර්ධනගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා.

ඔහු කියා සිටියේ අදාළ බහාළුම පිටවීම සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් සිදුකරන බවයි.

ඊයේ සොයාගත් කිලෝග්‍රෑම් 218 යි ග්‍රෑම් 600 ක් බර මෙම කොකේන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 320 ඉක්මවන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරා සහ ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරුවන් හය දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ජාවාරමට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories