කැකිරාවේදී සරසවි සිසුන්ට ප්‍රහාරයක් - වෛද්‍ය ශිෂ්‍ය කැඳවුම්කරු පැහැර ගැනීමේ උත්සාහයක් ගැනත් චෝදනා

Friday, 21 July 2017 - 7:50

%E0%B6%9A%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූයේ වරෙන්තු කිහිපයක් මත බව පොලිසිය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී පොදු දේපලවලට හානි කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව  ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට යාමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාල පරිශ්‍රය තුළදී ඊයේ (20) උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

සයිටම් විරෝධී ජනපවුර නම් සංවිධානය ඊයේ දිනයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලය තුළදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඊට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයින් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත, පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් එක්ව සිටියා.

කෙසේ වෙතත්, එම මාධ්‍ය හමුව අවසන් වී පිටතට පැමිණි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වී තිබෙනවා.

එහිදී සරසවි සිසුන්, වෛද්‍යවරුන් සහ දේශපාලන නියෝජිතයින් එක්ව ඔහුව අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ව්‍යර්ථ කිරීමට කටයුතු කළ අතර, එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

කෙසේ වෙතත්, අවසානයේ සුදු පැහැති වෑන් රථයකින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයින් එම ස්ථානයෙන් පිටත්ව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මහජනතාව දැනුවත් කිරීම සඳහා කැකිරාව ප්‍රදේශයේ අත්පත්‍රිකා බෙදමින් සිටි සරසවි සිසුන්ට කිසියම් පිරිසක් විසින් ඊයේ පහරදීමක් සිදුකර තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු සනත් බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ ඇතුළු පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බවයි.

එම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ තමන් පහරදීමක් සිදුනොකළ බවයි.








ඡායාරූප - කැකිරාව කුෂාන් ජයවර්ධන


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories