ඉදිරි දිනවලදී පළාත් කිහිපයක කාලගුණයේ වෙනසක්

Friday, 21 July 2017 - 12:19

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
ඉදිරි දිනවලදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල සහ නැගෙනහිර පළාතේ පවතින කාලගුණ තත්වයේ තරමක වෙනස්වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර / මධ්‍යම / දකුණ / සබරගමුව සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ගිගරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවනවා.

මේ අතර පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 55 ත් 60 ත් දක්වා වැඩිවිය හැකියි.

එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රලුවීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 55 ත් දක්වා වැඩිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories