සූරියවැව - අඩි 100 පාර නිසා ඉඩම් අහිමිව උපවාස කළ 5 ක් රෝහලේ (ඡායාරූප)

Friday, 21 July 2017 - 13:03

%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B7%80+-+%E0%B6%85%E0%B6%A9%E0%B7%92+100+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B7%85+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හම්බන්තොට - සූරියවැව ප්‍රදේශයේ උපවාසයක නිරත වූ පස් දෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම නිසා රෝහල් ගත කර තිබෙනවා.

ඔවුන් පසුගිය දින හතර මුළුල්ලේ මෙලෙස උපවාසයේ නිරත වූයේ හම්බන්තොට - සූරියවැව - අඩි 100 ප්‍රධාන මාර්ගය පුළුල් කිරීමේදී අහිමිවූ තම නිවාස සහ ඉඩම් සදහා මෙතෙක් වන්දි ලබා නොදුන් බව පවසමින්.

උපවාසය සදහා ප්‍රදේශවාසීන් 10 දෙනෙකු සහභාගි වී සිටි අතර, ඔවුන්ගෙන් පස්දෙනෙකු මේ වනවිට සූරියවැව ප්‍රාදේශීය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

කෙසේ වෙතත්, විසදුම් ලබාදෙන තෙක් තමන් උපවාසය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ප්‍රදේශවාසී ජනතාව හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

ඊට අමතරව, මෙම සිද්ධිය මුල් කර ගනිමින් සූරියවැව නගරයේ කඩ සාප්පු වසා දමා කළුකොඩි ඔසවා විරෝධය පළ කර තිබූ ආකාරය ද දැක ගන්නට ලැබුණු බව හිරු වාර්තාකරු සදහන් කළා.





ඡායාරූප - සුරියවැව, නුවන් ජයසේකර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories