සියලූ වෛද්‍ය පීඨ සිසුන් විරෝධතාවයකට සැරසේ - වෛද්‍යවරුන්ගෙන් ජගත් මානව හිමිකම් කොමිසමට සංදේශයක්

Friday, 21 July 2017 - 13:05

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A++-+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීමට උත්සාහ දැරීම සහ කැකිරාවේදී සරසවි සිසුන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ලබන සදුදා සිට සියලූම විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සිසුන් විරෝධතාවල නිරත වීමට ද තීරණය කර ඇති බවයි එම ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැදවුම්කරු සනත් බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.  

මේ අතර, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට එරෙහිව ආණ්ඩුව මර්දනකාරි ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සභාව වෙත සංදේශයක් භාරදීමට කටයුතු කර තිබෙනවා.

ඒ පිළිබදව අදහස් දක්වමින් එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ ආණ්ඩුවේ ශිෂ්‍ය මර්දනයට එරෙහිව මෙම පියවර ගත් බවයි.

එමෙන්ම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීමට උත්සාහ කිරීම සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද හෙළා දැක තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාල පරිශ්‍රය තුළ ඊයේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

එමෙන්ම, මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මහජනතාව දැනුවත් කිරීම සඳහා කැකිරාව ප්‍රදේශයේ අත්පත්‍රිකා බෙදමින් සිටි සරසවි සිසුන්ට කිසියම් පිරිසක් විසින් ඊයේ (20) පහරදීමක් සිදුකර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories