කොළඹ වරායේ ඇති තවත් සැක සහිත සීනි කන්ටේනර 50 කට මුද්‍රා තබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම කන්ටේනර විවෘත කිරීම සඳහා මේ වනවිට අධිකරණයේ අවසරයද ලබාගෙන ඇති බවයි.
අප කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම කන්ටේනර සියල්ල බ්‍රසීලයෙන් ගෙන්වා ඇති අතර, පසුගියදා රුපියල් කෝටි 320කට අධික වටිනාකමකින් යුත් කොකේන් තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පසු මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු වූ බවයි.
මේ අතර හෙරොයින්, කොකේන් ඇතුලු බරපතල ඝනයේ මත්කුඩු මෙරටට රැගෙන විත් යළි ප්‍රති අපනයනය කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසියේ ද සහය ලබා ගනිමින් සිදුකෙරෙන පරීක්ෂණ තවදුරටත් පුළුල් කර තිබෙනවා.
ඒ සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් විදෙස් රටවලට ද පිටත් කර හැරීමට සූදානමක් පවතින බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
පසුගිය 19 වන දා රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ කන්ටේනරයක තිබී කොකේන් කිලෝ 218යි ග්‍රෑම් 600ක් සොයා ගනු ලැබුවා.
පසුව සිදුකළ විමර්ශනයේදී අනාවරණ වූයේ එහි වටිනාකම රුපියල් කෝටි 320කට අධික වන බවයි.
සීනි ගෙන්වන මුවාවෙන් මෙම කොකේන් තොගය ගෙන්වා තිබූ අතර, කන්ටේනරයේ රියදුරු ඇතුළු තවත් 07 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

Follow US
Most Viewed Stories