වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරින් ලිප්ටන් වටරවුමේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹයි (ඡායාරූප)

Saturday, 22 July 2017 - 13:57

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සහ ශිෂ්‍ය මර්දනයට විරෝධය පළ කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (22) ලිප්ටන් වටරවුමේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

කොළඹ විශ්වවිද්‍යාලය අසල සිට පාගමනින් ලිප්ටන් වටරවුමට පැමිණි ඔවුන් එහි අට්ටාලයක් ඉදිකර මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වනවා.

කෙසේ වෙතත්, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම සත්‍යග්‍රහය වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණද, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයින් එය ප්‍රතික්ෂේප කළා. ප

සුව පොලිස් නිලධාරීන් එය සිසුන් සත්‍යග්‍රහයේ නිරත වන ස්ථානයේ පුවරුවක ප්‍රදර්ශනය සඳහා අලවා ගොස් තිබෙනවා.

මේ අතර, සිසුන් පැවසුවේ අට්ටාලය ඉදිකිරීමට ගෙන ආ ඇතැම් අමුද්‍රව්‍ය එම ස්ථානයේ සිටි පිරිසක් පැහැර ගත් බවයි.

රජයේ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක්ද එම ස්ථානයට පැමිණ සත්‍යග්‍රහයට සහාය පළ කළා.

මේ අතර, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට යාමේ සිද්ධිය පිළිබදව වහාම වාර්තාවක් ලබාදෙන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

එහිදී පොලිසිය අනුගමනය කළ ක්‍රමවේදයන් පිලිබදව විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙසයි අමාත්‍යවරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.

එමෙන්ම, ඉදිරි සතියේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද බලාපොරොත්තු වන බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය සාගල රත්නායක ප්‍රකාශ කළා.  

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ පොලිසිය මීට සම්බන්ධ බවට ආණ්ඩුව ප්‍රකාශ කළත්, එය පිළිගැනීමට සූදානම් නොමැති බවයි.

ඊට සම්බන්ධව සිදුකෙරෙන පරීක්ෂණයකදී අදාළ නියෝගය සදහා අණ ලබාදුන් දේශපාලන බලධාරියා රටට හෙළිකළ යුතු බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ද ඊයේ නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහි සදහන් වූයේ අදාළ සිද්ධියට භාවිත කළ බවට පැවසෙන වෑන් රථය මුදල් අමාත්‍යාංශයට අයත් බවට පළ වන වාර්තා අසත්‍ය බවයි.

පසුගිය රජය සමයේ බදු සහන යටතේ වාහන ආනයනය කිරීමට අවසර ලබාදී ඇති අතර මෙම වෑන් රථය ද එලෙස ආනයනය කර ඇති බවත්, ඊට අදාළ කොන්දේසි තිබූ පමණින් එය මුදල් අමාත්‍යාංශයට අයත් නොවන බවත්, අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණා.



 

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories