යාපනයේ වෙඩි තැබීමකින් විනිසුරු ආරක්ෂක පොලිස් නිලධාරියෙකුට තුවාල (ඡායාරූප)

Saturday, 22 July 2017 - 18:48

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අද පස්වරුවේ යාපනය - නල්ලූර් ප්‍රදේශයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පොලිස් සැරයන්වරයෙකු තුවාල ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබුවේ විනිසුරු මෝටර් රථයකට ආරක්ෂාව සපයමින් ගමන් කළ යතුරු පැදියේ සිටි පොලිස් නිලධාරියෙකු බවයි.

ඔහු යතුරුපැදියකින් විනිසුරුවරයාගේ මෝටර් රථයට පිටුපසින් ගමන් කර තිබෙනවා.

අදාල විනිසරුවරයා විද්‍යා සිසුවිය ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල මඩුල්ලේ විනිසුරුවරයෙකු වන එන් ඉලංචේරියන් මහතායි.

මෙය විනිසුරුවරයා ඉලක්ක කර ගත් ප්‍රහාරයක් ලෙස තවමත් තහවුරු වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

විනිසුරුවරයාගේ රථයේ සිටි පොලිස් නිලධාරියෙකු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාට ප්‍රතිප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඔහු එහිදී පලාගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ සැරයන්වරයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි.

මෙහිදී සැකකරු විසින් වෙඩි 11 ක් තබා ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

ප්‍රහාරය එල්ල කළ සැකකරු යතුරුපැදියකින් පැමිණි බවට පොලිසිය සැක පළ කරනවා.

සැකරු වෙඩි තැබීම සඳහා භාවිත කළ පිස්තෝලය සිද්ධිය වූ ස්ථානයේ තිබී සොයාගත්තා.

එමෙන්ම සැකකරු පැමිණි බවට සැකකෙරෙන යතුරු පැදියද එහිදී හමුවී තිබෙනවා.

මේ අතර වෙඩි ප්‍රහාරය තමන් ඝාතනය කිරීමේ අරමුණින් එල්ල කළ වෙඩි ප්‍රහාරයක් බවට සැකකරන බව, විනිසුරු මානික්කවාසගම් ඉලංචේලියන් මහතා පවසනවා.

විනිසුරු මානික්කවාසගම් ඉලංචෙලියන් මහතා සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

- පිස්තෝලෙ උදුර ගන්න මගේ ප්‍රධාන ආරක්ෂක පොලිස් සාජන්වරයා පොරබැදුවා, ඒ වෙලාවේ මම කාරෙකෙන් බැහැලා කෑගහගෙන දිව්වා. ඊට පස්සේ මගේ පැත්තට පිස්තෝලය හැරෙව්වා. ඒ වෙලාවේ මගේ අනිත් ආරක්ෂක පොලිස් කොස්තාපල්වරයා දුවගෙන ඇවිල් මාව කාරෙක පැත්තට තල්ලු කරලා වෙඩි තැබීමක් සිදුකළා. ඒ වෙලාවේ වෙඩි තැබූ පුද්ගලයා මගේ පැත්තෙ හිටිය පොලිස් කොස්තාපල්වරයාට වෙඩි තිබ්බා. ඒක එයාට වැදුණා. පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරය සැකකරුට වැදුණද කියලා දන්නේ නැහැ. නමුත් ඔහු කොර ගහ ගහ දුවපු ආකාරය මම දැක්කා. මම තුවාල ලැබූ ආරක්ෂකයයි, අනිත් ආරක්ෂකයයි යාපනය රෝහලට අරගෙන ආවා. මම සාමාන්‍යයෙන් කෝවිල් පාරෙන් තමයි දෛනිකව යන්නේ. ඒක ගැන අවධානයෙන් ඉඳලා මෙම වෙඩි තැබීම සිදුකළාදැයි මට සැකයි. මොකද කළක පටන් සිදුකරන නඩු කටයුතුවල මම ප්‍රධාන විනිසුරුවරයෙක් ලෙස සහභාගී වන නිසා මෙය සිදුවී ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. මෙම සිද්ධිය නීති ක්ෂේත්‍රයටම එල්ලවූ අභියෝගයක් කියලයි මම හිතන්නේ.





ඡායාරූප - වව්නියාව මාධව කුලසුරිය



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories