මියගිය යුද සෙන්පතියන් ගැන මල්වතු පාර්ශවය පරීක්ෂණයක් ඉල්ලයි

Saturday, 22 July 2017 - 19:15

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
යුද්ධයෙන් මියගිය සෙන්පතියන්, රණවිරුවන් ඇතුළු ජාතික නායකයන් ජීවිතක්ෂයට පත්වූයේ කෙසේ ද යන්න පිළිබදව සොයා බලා එම කරුණු රටට ඉදිරිපත් කළ යුතු බව මල්වතු අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ දිවංගත ලූතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ 25 වන ගුණසමරුව අද (22) මහනුවරදී අමතමින්.

1940 ජුලි 27 වනදා මහනුවරදී උපත ලද ලූතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව වසර 30 කට අධික කාලයක් ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ සෙන්පතියෙක්.

1992 වසරේදී අගෝස්තු 8 වනදා යාපනය - අරාලිතුඩුවේදී කොටි සංවිධානය ඇටවූ බිම්බෝම්බයකට හසුවීමෙන් ඔහු ඇතුළු සෙන්පතියන් කිහිපදෙනෙකු දැයෙන් සමුගත්තා.

මේජර් ජනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ ඇතුලූ රණවිරුවන් දස දෙනෙකු ඒ අතර සිටියා.

රණවිරුවෙකුට වඩා මානව හිතවාදී මිනිසෙකු ලෙස ප්‍රකට වුණු ලූතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව රටට අහිමි වන්නේ එවක උතුරේ යුද්ධය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබූ අවස්ථාවකදීයි.

මහනුවර ඩෙන්සිල් කොබ්බෑකඩුව පිළිරුව අසල අද පැවති ගුණසැමරුම් උත්සවයට ඔහුගේ පවුලේ ඥාතීන් ඇතුලූ පිරිසක් ද එක්ව සිටියා.

එහිදී අනුශාසනාව සිදුකළ මල්වතු අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් කියා සිටියේ අද වනවිට යුද්ධය නිමාවට පත් කර එය යුද්ධයේ විවිධ පැතිකඩයන් පිළිබදව සාකච්ඡා කරන කාල වකවානුවක් බවයි.

යුද්ධයට දායක වූ බොහෝ දෙනාට අද දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුව ඇති බව සදහන් කළ උන්වහන්සේ කියා සිටියේ කොබ්බෑකඩුව රණවිරුවානන් වැනි වටිනා සෙන්පතිවරුන් ජීවිතක්ෂයට පත්වූයේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත ලෙස සොයා බලා රටට ඉදිරිපත් කළ යුතු අවස්ථාවක් උදාවී ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories