උමා ඔයේ පරිසර ඇගයීම සිදුකළ ජ’පුර කණ්ඩායමේ වාර්තා පිළි නොගැනීමට, මධ්‍යම පරිසර අධිකාරියෙන් තීරණයක්

Sunday, 23 July 2017 - 8:07

%E0%B6%8B%E0%B6%B8%E0%B7%8F+%E0%B6%94%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B6%87%E0%B6%9C%E0%B6%BA%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%A2%E2%80%99%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%2C+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
උමාඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පරිසර ඇගයීම් වාර්තාව නිකුත් කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්වර්ණා පියසිරි ඇතුළු උපදේශකවරුන් පිළියෙල කරන කිසිදු වාර්තාවක් පිළිගැනීමෙන් වැළකී සිටීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙනවා.

එම විද්වත් කමිටුවේ අවංකභාවය පිළිබද ගැටලු මතුවන බැවින් මෙම තීරණයට එළඹි බවයි නිවේදනයක් නිකුත් කරමින් මධ්‍යම පරිසර අධිකාරිය සදහන් කළේ.

කෙසේ වෙතත්, උමාඔය ව්‍යාපෘතිය සදහා පරිසර ඇගයීම් වාර්තාව සකස් කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසාදු ලේඛන ගත කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පසුගියදා ඉල්ලීමක් කළා.

මේ අතර, අදාළ වාර්තාවක් සකස් කළ මහාචාර්ය ස්වර්ණා පියසිරි පුමුඛ විද්වත් කණ්ඩායමක් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම වාර්තාව පිළිබද ඉදිරිපත් කළ ඇතැම් කරුණු සාවද්‍ය බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළා.

එම අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි සදහන් කළේ, මෙම උමඟ දුර්වල කලාපයක් හරහා ගමන් කිරීමේදී භූගත ජලයේ විචලතාවයක් ඇතිවිය හැකි බවට සහ ඉන් බලපෑමක් ඇතිවිය හැකි බවට පරිසර ඇගයීම් වාර්තාවේ පැහැදිලිව දක්වා තිබුණේ යැයි මහාචාර්යවරිය මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බවයි.

තත්වය එසේ වුව ද තමන් වෙත ඉදිරිපත් කර ඇති වාර්තාවේ සදහන් කර ඇත්තේ උමඟ සෑදීමේදී සුළු වශයෙන් ජල කාන්දුවක් සිදුවිය හැකි වුවත් එමගින් භූගත ජල මට්ටමට සැලකිය යුතු බලපෑමක් ඇති නොවන බව යැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මහාචාර්යවරියගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බවත්, එතෙක් මහාචාර්යවරිය ඇතුළු උපදේශකවරුන් සකස් කරන පරිසර බලපෑම් හෝ වෙනත් වාර්තා පිළිගැනීමෙන් වැළකී සිටින බවත් සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories