නාවික හමුදාව වෙනුවෙන් ගෝවේදී තැනූ නැව ශ්‍රී ලංකාවට භාරදෙයි

Sunday, 23 July 2017 - 9:42

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9D%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%96+%E0%B6%B1%E0%B7%90%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ ගෝවා නැව් තටාකාංගනයේදී ශ්‍රි ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද ප්‍රථම අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව ශ්‍රී ලංකාවට නිළ වශයෙන් ඊයේ භාර කෙරුණා.

එම අවස්ථාවට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර සහ නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ එක්ව තිබෙනවා.

2014 වසරේදී නාවික හමුදාව විසින් මෙම අධි තාක්ෂණික නෞකාව නිෂ්පාදනය කිරීම සඳහා ගෝවා වැව් තටාකාංගනය වෙත භාර දී ඇති බව සදහන්.

මෙම නවීනතම අධි තාක්ෂණික නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ මුර සංචාර, සෝදිසි මෙහෙයුම්, මානුෂීය සහන සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම් සහ සමුද්‍ර දූෂණය වැළැක්විය හැකි මෙහෙයුම් සඳහා යොදාගත හැකියි.

ලබන මස 02 වන දා මෙම නෞකාව නිල වශයෙන් අධිකාරියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේදී සිදුකිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories