රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් දැඩි තීරණයක්

Sunday, 23 July 2017 - 15:46

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සිය ඉල්ලීම්වලට හෙට දිනය තුළ විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් අනිද්දා පෙරවරු අටේ සිට දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඊයේ පැවති සිය සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියේ.

සුදු වෑන් රථයකින් පැමිණ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන ගැනීමට තැත් කිරීමේ සිද්ධියේ සියලූ තොරතුරු අනාවරණය කිරීම, ඒ සඳහා පැමිණි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම, දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සියලූම විශ්වවිද්‍යාල සිසුන් හෙට දිනය වනවිට නිදහස් කිරීම, එම සංගමයේ ඉල්ලීම් අතර වනවා.   

එමෙන්ම වෛද්‍ය සභාවට පිළිගත හැකි සභාපතිවරයෙකු පත් කිරීම, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීමට අදාළ අවසන් තීරණ ප්‍රකාශයට පත් කිරීමද සිය ඉල්ලීම් අතර වන බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ තවදුරටත් සඳහන් කළේ.

මේ අතර, පොලිස් මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ශිෂ්‍ය කණ්ඩායම් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදීමේ සිද්ධියේදී පොලීසියෙන් කිසියම් වැරැද්දක් සිදුවී ඇත්නම් ඒ පිළිබදව ද සොයා බලන බවයි.

අදාළ වාර්තාව ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

කෙසේ නමුත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට හේතූන් පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories