කෝටියකට වැඩි වටිනාකමින් යුත් මැණික් සමග ප්‍රංශ ජාතිකයෙක් දැලේ (ඡායාරූප)

Sunday, 23 July 2017 - 16:30

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුත් මැණික් ගල් කිහිපයක් සමග ප්‍රංශ ජාතිකයකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 65 ක් වන සැකකරු අද පෙරවරුවේ කටුනායකට පැමිණ ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට පැමිණි ගුවන්යානයකින්.

සැකකරු පුෂ්පරාග සහ නිල් මැණික් නීති විරෝධීව රැගෙන විත් ඇති අතර විදේශීය දුම්වැටි සහ මත්පැන් බෝතල් ද ඔහු සතුව තිබී සොයාගෙන තිබෙනවා.

දුම්වැටි සහ මත්පැන් බෝතල්වල වටිනාකම රුපියල් ලක්ෂ 2 ක්.

රේගුව විසින් අත්අඩංගුවට ගත් සැකකරු රඳවාගෙන විමර්ශණ සිදු කෙරෙන බව සඳහන්.

මේ අතර ඇමරිකාවේ සිට ගුවන් මගින් එවන ලද පාර්සලයක තිබී රුපියල් ලක්ෂ විස්සක් වටිනා විදෙස් මුදල් තොගයක් ද අද සොයාගෙන තිබෙනවා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories