නීතිඥ වර්ජනයෙන් උතුරේ අධිකරණ කටයුතුවලට බාධා - නල්ලූර් වෙඩි තැබීම ගැන සොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් (ඡායාරූප)

Monday, 24 July 2017 - 13:00

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+-+%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
උතුරු පළාතේ නීතිඥවරුන් නඩු කටයුතුවලින් ඉවත් වීම නිසා එම පළාතේ අධිකරණ කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහේම අධිකරණ කටයුතු මෙම වර්ජනය නිසා අඩාල වී ඇති බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.

ඇතැම් අධිකරණවල ගේට්ටු ඉබි යතුරු දමා වසා දමා තිබූ අයුරක් දක්නට ලැබුණා.

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන්ට මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ ආරක්ෂාවට ගමන් කළ පොලිස් නිලධාරියෙකු මියයෑමේ සිද්ධියට විරෝධය පළ කරමිනුයි උතුර පළාතේ නීතිඥවරුන් අද දිනයේ අධිකරණ කටයුතු වලින් ඉවත්ව සිටින්නේ.

ඔවුන් කියා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

වව්නියාව අධිකරණයේ සියලුම නීතිඥවරුන් වෙඩි තැබීමේ සිද්ධියට විරෝධය පා මුඛය කළු රෙදිකඩකින් වසා අධිකරණය ඉදිරියට පැමිණ විරෝධය පළ කරන බවද ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළා.

එමෙන්ම මෙම වෙඩි තැබීමේ සිද්ධියට විරෝධය පළ කරමින් උතුර පළාතේ සියළුම පෞද්ගලික බස් රථද මේ වනවිට ධාවනයෙන් ඉවත්ව තිබෙනවා.

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇදුමින් සැරසුණු නිලධාරීන්ගෙන් සමන්විත විමර්ශණ කණ්ඩායම් දෙකක් යොදවා තිබෙනවා.

යාපනය ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාට අමතරව තවත් 30 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

ප්‍රධාන සැකකරු සැඟව සිටින ප්‍රදේශය සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී ඇති බව එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

විද්‍යා ඝාතන නඩුවේ විනිසුරුවරයෙකු වූ එම්. ඉලංචේලියන් ගමන් කළ රථයට ආරක්ෂාව සපයමින් ඊට පිටුපසින් ගමන් කළ පොලිස් යතුරුපැදියට ප්‍රහාරයක් එල්ල වූයේ පෙරේදා පස්වරුවේයි.

ඉන් යතුරුපැදියේ ගමන් කළ පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මියගිය අතර අනෙක් පොලිස් කොස්තාපල්වරයා තුවාල ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු පසුව අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කිරීම් සිදු කරමින් පවතිනවා.

වෙඩි තැබීමට යොදාගත් පිස්තෝලය සහ ඒ සඳහා පැමිණි යතුරුපැදියද පොලිසියට හමුවී තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් බීමතින් සිට ඇති අතර ඉන් එක් පුද්ගලයෙක් පලාගොස් සැඟව සිටින ප්‍රධාන සැකකරුගේ සොහොයුරාද වනවා.



ඡායාරූප - වව්නියාව රොමේෂ් මධුසංක, මාධව කුලසූරිය, දිනසේන රතුගමගේ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories