යාපනය වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු පොලිසියට භාර වෙයි

Tuesday, 25 July 2017 - 9:14

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන්ට ආරක්ෂාව සපයමින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිසියට භාරවී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ අද උදෑසන ප්‍රධාන සැකකරු යාපනය පොලිසියට භාර වූ බවයි.

සැකකරු පුනරුත්ථාපනය නොවූ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

39 හවිරිදි සිවරාසා ජයන්තන් නමැති මොහු 1994 වසරේදී එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ වී ඇත්තේ වයස අවුරුදු 16 ක්ව සිටියදීයි.

2012 වසරේ යාපනයේ සිදුවූ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් ද සැකපිට සිවරාසා ජයන්තන් අත්අඩංගුවට ගෙන පසුව මොහු ඇප මත මුදා හැර ඇති බව  සදහන්.

එලෙස ඇප මත සිටින අතරතුරයි ඔහු මෙලෙස පොලිසියට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ.

වෙඩි තැබීමෙන් මියගිය පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍රගේ දේහය හලාවත - කුමාරකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ මේ වනවිට තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව හෙට සිදුකිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories