පිං කැටයක් දකුණු පළාත් සභාව උණුසුම් කරයි (ඡායාරූප)

Tuesday, 25 July 2017 - 11:19

%E0%B6%B4%E0%B7%92%E0%B6%82+%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දකුණු පළාත් සභාවේ මේ වනවිට උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු විසින් අද පැවැත්වෙන පළාත් සභා රැස්වීමට පිං කැටයක් රැගෙන ඒමත් සමඟ මෙම තත්වය ඇති වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

දකුණු පළාත් සභාවේ සන්ධානය නියෝජනය කරන මන්ත්‍රි කණ්ඩායම අද(25) දකුණු පළාත් සභාවට කළු කොඩි පැළදගෙන පැමිණිම හා එක් මන්ත්‍රීවරයෙකු පිං පෙට්ටයක් ගෙන පළාත් සභා ශ්‍රවනාගාරයට පැමිණිම නිසා දැඩි උණුසුම් තත්වයක් ඇති වුනා.

දකුණු පළාත් සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව විවාදය අද පැවැත්වීමට නියමිතව තිබුනා.

ඒ අනුව, ගාල්ල කලේගාන දකුණු පළාත් සභා ශ්‍රවණාගාරයේ දී මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විවාදය ආරම්භ කිරිමට ප්‍රථම සන්ධාන මන්ත්‍රී පිරිස මෙසේ කියා සිටියා.

"උතරු මැද පළාත් සභාවේ ආන්ඩුපක්ෂයේ බලය බලහත්කාරයෙන්,බලය අල්ලා ගත්තා.මහා වැරදක් කළේ.මෙයට අපි විරෝධය ප්‍රකාශ කරන්නයි අපි කළු පටි බැඳගෙන අද 25 මේ සභාවට ආවේ. මේයට අපගේ විරෝධය ප්‍රකාශ කරනවා"

මෙයට අමතරව,දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ අදක්ෂ පාලනය, පක්ෂපාති බව,හා මැති ඇමතිවරුන්ට හිතවත් කමට විවිධ දේ ලබාදීමට පියවර ගෙන ඇති නිසා ඊට විරුද්ධව මේ ආකාරයට මේ ආකාරයට කළු පටිබැඳගෙන පැමිණි බව සන්ධාන මන්ත්‍රිවරු කියා සිටියා.
 
මේ අතර සන්ධාන මන්ත්‍රි චන්න සාලිය මන්ත්‍රිවරයා පිං පෙට්ටයක් ගෙන පළාත් සභා ශ්‍රවනාගාරයට පැමිණිම නිසා දකුණු පළාත් සභා ශ්‍රවනාගාරයේ ඇතිවුයේ මහා ගාලගෝට්ටියක්.

චන්ද සාලිය මහතා පිං කැටය හොලව හොලවා පැමිණිම නිසා මෙන්න බෝම්බයක්ද ? කියා විපක්ෂයේ එජාප මන්ත්‍රිවරු පැවැසීමත් සමඟ ඇතිවුයේ මහා නොසන්සුන් තාවයක්.

මේ අනුව පළාත් සභාවේ සභාපති සෝමවංස කෝදාගොඩ පිංකැටය වහාම සභාවෙන් ඉවත් කරන්න පියවර ගන්න යැයි ආරක්ෂක අංශයට දැනුම් දුන්නා.

මෙම අවස්ථාවේ දී එජාප මන්ත්‍රිවරු සභාවට මැදට පැන පිංපෙට්ටිය උදුරාගන්නට තැත් කිරිමේ දී සභාව තුළ ඇති වුයේ මහා නොසන්සුන්තාවක්.

පිංපෙට්ටියට ගන්නට පොරකෑමේ නිසා මහා ආරවුලක් සභාව මැද ඇතිවුනා.

මන්ත්‍රිවරු පිං පෙට්ටිය ලබා ගන්නට පොර කෑ බවයි එහි සිටි අප වාර්තාකරු කියා සිටියේ.

ඉන් අනතුරුව  චන්න සාලිය මහතා‍ ගෙන ආ පිංපෙට්ටිය සභා ගැබෙන් ඉවත් කෙරුනා.

ඉන් අනතුරුව ද සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු අතුර වාද විවාද ඇති වූ අතර මෙහි දී හිටපු  ඇමති ඩී.වී උපුල් මහතා පැවසුවේ, දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට විරෝධය ප්‍රකාශ කරන බවයි එසේ කියමින්  සන්ධානයේ මන්ත්‍රිවරු  සභාවෙන් පිට වුනා.

මෙහි දී සන්ධානයේ මන්ත්‍රිවරු ආණ්ඩුවට පළාත් සභාවට බැන විදිමින් විවිධ සටන් පාඨ කියමින් පිට තට යනු දැකිය හැකි වුනා.

මේ අතර ,සභාවේ ඝණ පුර්ය නොමැති ව කියා සිටියේ සන්ධාන මන්ත්‍රි චම්ලි විතානච්චි විසින්.

දකුණු පළාත් සභා මන්ත්‍රි නලින් හේවගේ(ජවිපෙ)

"මේක  කෝලම් මඩුවක් කරන්න බෑ. ගියා නම් ඇවිත් ආයෙත් ඝණපුර්ණය ගැන කතා කරන්න අයිතියක් නෑ. චම්ලි විතානච්චි මහතා ට එහෙම කරන්න දෙන්න බෑ."

දකුණු පළාත් සභා මන්ත්‍රි අශෝක ධනවංශ(එජාප)

"අන්න අන්න පසඳ යාපා අබේවර්ධන මන්ත්‍රිවරයාට සභාවට එන්න දෙන්නේ නෑ. අන්න අල්ලාගෙන ඉන්නවා. එතුමාට සභාවට එන්න දෙන්නේ නැතුව බාධාකරනවා."

සභාපති සෝමවංශ කෝදාගොඩ

"එතුමාට එන්න ඉඩ දෙන්න. සභාව ඇතුලේ දේවල් තමයි මට පෙන්නේ සභාවෙන් පිටත වෙන දේවල් මෙහි දී  මට තින්දුවක් ගන්න බෑ. හරි දැන්  නම් ඝණපුරණය සම්පුරණයි. සභාව පවත්වාගෙන යන්න හැකියි"

ඒ අනුව දකුණු පළාත් සභාවේ ප්‍රතිපත්තී  ප්‍රකාශනයේ විවාදය පැවැත්වුනා.






(ඡායාරූප - නිමල් අල්ගෙවත්ත )



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories