යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේදී ඝාතනය වූ ශිවයෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සැක කෙරෙන ප්‍රධාන සැකකරුවෙකුට යාපනයෙන් පලා යාමට සහය දුන්නේයැයි සැක පිට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අද (25) කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන අගෝස්තු මස 08 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කයිට්ස් මහෙස්ත්‍රාත් ඒ.එම්.රියාල් නියෝග කළා.
විද්‍යා දැරියගේ ඝාතනයට සැකකෙරෙන ඝාතනය සැලසුම් කළ ප්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නැමත්තාට යාපනයෙන් පිටවීමට එවකට උතුරු පලාත භාරව සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වූ ලලිත් ජයසිංහ විසින් උදව් කිරීමේ චෝදනාව මත ලලිත් ජයසිංහ පසුගිය 15 දා සවස අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ අනුව ඊයේ (25 ) දින අත්අඩංගුවට පත්ව රිමාණ්ඩ් භාරයේ සිටි හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර බන්ධනාගාරයේ සිට යාපනයට ගෙන ඒමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව නැවත අනුරාධපුර බන්ධනාගාරය වෙතට රැගෙන යනු ලැබුවා.
පසුගිය 2015 වසරේ මැයි මස 13 වනදා විද්‍යා දැරිය පැහැරගෙන ගොස් පූංකුඩතිව් ප්‍රදේශයේ කැලෑවක සමූහ දූෂණයකට ලක්ව ඝාතනය කොට තිබූ අතර එහිදී අදාල ඝාතනයට සම්බන්ධ යැයි සැලකෙන සැකකරුවන් 12 දෛනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

Follow US
Most Viewed Stories