තෙල් වර්ජනය දිගු වෙයි

Tuesday, 25 July 2017 - 19:23

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වර්ජනය හේතුවෙන් මේ වනවිට රට පුරා ඉන්ධන සැපයුමට දැඩි බාධා මතුව තිබෙනවා.

වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් හෙට දහවල් වනවිට ගුවන් යානාවලටද ඉන්ධන නැතිවන බවයි ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව ප්‍රකාශ කළේ.

ත්‍රිකුණාමලය - චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීම, හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය, සංස්ථාවට පැවරීම සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කඩිනමින් නවීකරණය කිරීම යන ඉල්ලීම් තුන මුල් කරගනිමින් මෙම වර්ජනය ආරම්භ වුණා.

ඊට එක්වූ වෘත්තිය සමිති ප්‍රකාශ කරන්නේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි.

මෙම වර්ජනය ප්‍රකාශයට පත් කිරීමත් සමග පාරිභෝගිකයන්ගෙන් පිරී ගිය ඉන්ධන පිරවුම්හල් අසළ අද පස්වරුව වනතුරුත් දිගු පෝලිම් දක්නට ලැබුණා.

ඇතැම් පිරවුම්හල් වසාදමා තිබුණේ ඉන්ධන අවසන් වීම හේතුවෙන්.   

මේ අතර ඛනිජ තෙල් සේවකයන්ගේ වර්ජනය පැවතුණද තම පිරවුම්හල්වලින් ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන බව ලංකා අයි ඕ සී සමාගම ප්‍රකාශ කළා. කොළඹ ඉන්ධන අවශ්‍යතාව ඉහළ ගොස් ඇති නිසා ත්‍රිකුණාමලයේ සිය ගබඩාවලින් ඉන්ධන රැගෙනවිත් බෙදා හැරීමට සිදුව ඇති බවයි එහි කළමණාකාර අධ්‍යක්ෂ ශා්‍යම් බෝරා කියා සිටියේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජතෙල් ශාඛාවේ ලේකම් ජයන්ත පරේගම කියා සිටියේ ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන තොග අද සවස්වන විට අවසන් වනු ඇති බවයි.

ඛනිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගම් ශාඛාවේ ලේකම් ආනන්ද පාලිත පවසන්නේ මෙම වර්ජනය දේශපාලන අවශ්‍යතා මත සිදුවන බවයි.   

මේ අතර ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු ඞී.ජේ. රාජකරුණා කියා සිටියේ අද පස්වරුවේ අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ සමග සාකච්ඡාවක් සිදුකළ බවයි. අදාළ ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදීමට ඔහු එහිදී එකඟ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories