කැබිනට් අනුමැතිය හිමිවූ හම්බන්තොට වරාය ගිවිසුම හෙට පාර්ලිමේන්තුවට

Tuesday, 25 July 2017 - 19:54

%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හම්බන්තොට - මාගම්පුර වරාය චීන සමාගමකට බදු දීම සදහා වන සංශෝධිත ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව වරාය සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට  එක්වෙමින්.

ජනාධිපතිවරයා එහිදී  ගිවිසුම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සිකුරාදා දිනයේ විවාදයක් ලබාදීම සඳහා රජය සූදානම් බව ප්‍රකාශ කරන ලෙස දැනුම් දුන් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව ගිවිසුම අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories