සේවකයන් රැදී සිටි කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට අද අලුයම යුද හමුදාව ඇතුළු වී තිබෙනවා.
ඒ අනුව වර්ජනයට එක්ව සිටින සේවකයන් එම ස්ථානයෙන් ඉවත් කර ඊට සහය නොදක්වන සේවකයින්ගේ ආරක්ෂාව මේ වන විට තහවුරු කර ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සදහන් කළේ.
කෙසේ වෙතත්, වර්ජනයට එක්ව සිටින සේවකයින් කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිට රැදී සිටිනවා.
ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර කියා සිටියේ කුමන බාධා පැමිණියත් සිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි.
ත්‍රිකුණාමලය - චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීම, හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය, සංස්ථාවට පැවරීම සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කඩිනමින් නවීකරණය කිරීම යන ඉල්ලීම් තුන මුල් කරගනිමින් ඛණිජ තෙල් සේවකයන් වර්ජනයක් ආරම්භ කළේ පෙරේදා මධ්‍යම රාත්‍රියේයි.
මේ හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දැඩි තදබදයක් පසුගිය දින දෙකෙහිම දක්නට ලැබුණා.
වර්ජනය සමග ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණි පාරිභෝගිකයින් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ද ඇති වූ අතර, ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබුණේ ඒවායේ ඉන්ධන අවසන්වීම හේතුවෙන්.
එමෙන්ම ඊයේ දිනයේ කොළොන්නාව නිමාව, සපුගස්කන්ද සහ මුතුරාජවෙල තෙල් පර්යන්තවලින් ඉන්ධන නිකුත් කිරීමක් සිදුවූයේ නැහැ.
එමෙන්ම ඛණිජ තෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු විසින් නිකුත් කෙරුණු මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ප්‍රෙට්ට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලූම ඉන්ධන සැපයුම හා බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බවයි.
එමෙන්ම වරායන් තුළ නැවකින් තෙල් හෝ ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය කිරීම, ගොඩබෑම, ගබඩා කිරීම, භාර දීම හෝ ඉවත් කිරීමට අදාළව සිදුකළ යුතු හෝ අත්‍යවශ්‍ය වන සියලුම සේවාවන් ඉටු කළ යුතු බවට ද එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් පසුව සේවකයන් සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය අතහැර ගියා සේ සලකන බව රජය පවසනවා.
එමෙන්ම කොළොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තවල බෙදා හැරීම යථා තත්ත්වයට පත් කර ඇති බැවින් තෙල් බෙදා හරින බවුසර්වලට එම ස්ථාන සඳහා යන ලෙස ද ඔවුන් දැනුම් දෙනවා.
මේ අතර, හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සදහන් කළේ කොළොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තවල ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් උදෑසන වන විට බෙදා හැරීමේ කටයුතු ආරම්භ කළ හැකි බවයි.
ඉන්ධන බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවක් කර ඇති බැවින් ඊට එක් නොවන පෞද්ගලික අංශයේ බෙදාහරින්නන්ගේ බලපත්‍ර අහෝසි කරන බවට රජය දැනුම් දී තිබෙනවා.
මේ අතර ඊයේ රාත්‍රියේ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට හමුදාව ඇතුල්වීමට යාමේදී ඇතිවූ උණුසුම් තත්වය පහතින්.

Follow US
Most Viewed Stories