වර්ජිත ඛනිජ තෙල් සේවකයින්ට සේවයට එන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

Wednesday, 26 July 2017 - 8:42

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%A2+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මහජනතාවට සිදුවන අපහසුතා තේරුම් ගෙන සේවයට වාර්තා කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වර්ජනයේ නිරත ඛනිජ තෙල් සේවකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරුණු අතර ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ද නිකුත් කෙරුණා.

මේ අතර, ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් පසුව ඉන්ධන බෙදා හැරීම සඳහා එක් නොවන පෞද්ගලික බවුසර්වල බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් කියා සිටියේ කොළොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණවල බෙදා හැරීමේ කටයුතු මේ වන විට යථා තත්වයට පත් කර ඇති බැවින් බවුසර්වලට එම ස්ථානයට යන ලෙසයි.

එමෙන්ම ඛණිජ තෙල් බෙදා හැරීම අතවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් පසුව සේවයට වාර්තා නොකරන ඛණිජ තෙල් සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories