ශ්‍රී ලංකාවේ පළමු පාද බද්ධ කිරීමේ සැත්කම අනුරාධපුර මහ රෝහලේදී සාර්ථකව සිදුකර තිබෙනවා.
පෙරේදා (24) මෙම සැත්කම සිදු කළ අතර එය මෙරට අවයව බද්ධ කිරීමේ ඉතිහාසයට වෙනස් කළ සැත්කමක් බවට පත්ව තිබෙනවා.
ඒ, මොළය මියගිය රෝගියකුගේ පාදයක් ගෙන වෙනත් රෝගියකුට බද්ධ කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම අවස්ථාව මෙය වීම හේතුවෙන්.
හදිසි අනතුරුවලට ලක්වීමෙන් තමන්ගේම අත් හෝ පාද බද්ධ කිරීමේ ශල්‍යකර්ම මෙයට පෙර ද මෙරට සිදුකර තිබෙනවා.
අනුරාධපුර මහ රෝහලේ රුධිර වාහිනී සහ අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජෝයෙල් අරුඩ්චෙල්වම් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනකු ද සෙසු වෛද්‍යවරුන් සිව්දෙනකු ද මෙම ශල්‍ය කර්මයට එක වූ බවයි වාර්තා වන්නේ.
මීට අමතරව හෙද කාර්යමණ්ඩල ද කනිෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු කණ්ඩායම මෙම ශල්‍යකර්මය සාර්ථක ලෙස සිදු කිරීමට උපරිම දායකත්වය ලබා දී තිබෙනවා.
හදිසි අනතුරකින් දරුණු ලෙස වම් පාදයට හානි වී තිබීම හේතුවෙන් මෙයට වසරකට පෙර පාදය කලවා දෙසින් ඉවත් කළ වයස අවුරුදු 32ක පුද්ගලයෙකු ට මෙම පාද බද්ධ කර ඇති බව සදහන්.
අනුරාධපුර මහ රෝහලේ රුධිර වාහිනී සහ අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජෝයෙල් අරුඩ්චෙල්වම් කියා සිටියේ නිධන්ගත රෝගී තත්වයක් හේතුවෙන් මොළයට සිදුව තිබූ රුධිර වහනයෙන් මොළය මිය ගිය බවට තහවුරු වූ වයස අවුරුදු 52 ක පුද්ගලයෙකුගේ පාදය ගෙන අනෙක් රෝගියාට බද්ධ කළ බවයි.
මොළය මියගිය මෙම රෝගියාගේ වකුගඩු දෙක මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකය වෙත ලබා දී ඇති අතර ඒවාද පෙරේදා (24) පස්වරුවේ මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ වකුගඩු රෝග හා ශල්‍ය විශේෂඥ වෛද්‍ය චාරිත ප්‍රනාන්දු විසින්, රෝගීන් දෙදෙනකු සඳහා බද්ධ කර ඇති බව වාර්තා වනවා.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජෝයෙල් අරුඩ්චෙල්වම්

Follow US
Most Viewed Stories