කොළොන්නාවේ උණුසුම වැඩිවෙයි - දස දෙනෙක් අත්අඩංගුවට - තෙල් බවුසර 15ක් එළියට

Wednesday, 26 July 2017 - 14:13

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B6%BB+15%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය අසල ඛනිජ තෙල් වර්ජනයට සම්බන්ධ සේවකයන් සහ ආරක්ෂක අංශ අතර උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.

තෙල් ගබඩා සංකීර්ණය අසල රැදී සිටි සේවකයින් පිරිසක් ඉවත් කිරීමට යාමේදී මෙම තත්වය උද්ගතවී ඇති බව සදහන්.

පිරිස් පාලනය කිරීම සදහා පොලිස් කැරළි මර්ධන ඒකකයේ නිලධාරීන් සහ කැරළි මර්ධන රථ එම ස්ථානයට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී පුද්ගලයින් දස දෙනෙකුට ආසන්න පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

මේ අතර ඉන්ධන බෙදා හැරීම සදහා ඉන්ධන පිරවූ බවුසර 15ක් කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයෙන් පිටත්කර යැවූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසනවා.

ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීම, හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය සංස්ථාවට පැවරීම සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කඩිනමින් නවීකරණය කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් ඛනිජ තෙල් සේවකයින් සිය වර්ජනයක් ආරම්භ කළේ පෙරේදා මධ්‍යම රාත්‍රියේයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දර්ශන පහතින්.
















Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories