සමන්තුරේ බස් රථ අනතුරකින් 35 කට තුවාල (ඡායාරූප)

Wednesday, 26 July 2017 - 16:04

%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+35+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සමන්තුරේ ප්‍රදේශයේදී සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයන් 35 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද අලුයම 2.20 ට පමණ ලංගම බස් රථයක් මල්වත්ත ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ඇති බවයි.

රියදුරාට බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුව ඇතැයි සඳහන්.

තුවාල ලැබුවන් අතර බස් රථයේ රියදුරා මෙන්ම සහායකයා ද වනවා.

ඔවුන් සමන්තුරේ / අම්පාර සහ කල්මුණේ රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

මේ අතර අද අලුයම 5 ට පමණ පේරාදෙණිය මීවතුර ප්‍රදේශයේදී යතුරුපැදියක මාර්ගයේ ගමන් කළ පදිකයෙකු ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී බරපතල තුවාල ලැබු 84 හැවිරිදි පදික පුද්ගලයා පේරාදෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි මරණයට පත්වී ඇත්තේ.

යතුරුපැදිකරු ද තුවාල ලබා පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories