වර්ජනය නිසා පාර්ලිමේන්තුවත් උණුසුම්

Wednesday, 26 July 2017 - 19:47

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
ඛනිජ තෙල් සේවකයින්ගේ වැඩවර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කිරීමත් සමග අද උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමටද කතානායකවරයා පියවර ගනු ලැබුවා.

වර්ජනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන සහ නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරද එහිදී අදහස් පළ කර සිටියා. 

එහිදී අග්‍රාමත්‍යවරයා කියා සිටියේ රජයේ ක්‍රියාවලීන් තෙල් සංස්ථාවට අගතියක් නොවන බවට වෘත්තිය සමිති හමුවේ තමන් සහතික වී තිබූ පසුබිමක ඛනිජ තෙල් වෘත්තිය සමිති හදිසි වර්ජනයක් කැඳවීම අවාසනාවන්ත තත්ත්වයක් බවයි.

එම සංවාදයට මැදිහත්වෙමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ රජය නැව් තෙල් අංශය චීන රජයට පැවරීමට සූදානම් වීමත් සමග වෘත්තිය සමිති සටන් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ බවයි. 

මැරයින් ලවා ඛනිජ තෙල් සේවකයින්ට පහරදුන් බවයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඛනිජ තෙල් සේවකයින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කළ විජිත හේරත් මන්ත්‍රීවරයා ඔවුන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියා.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සියලූදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව ඔවුන් පිටත් කර හැරීමට කටයුතු කරන බවයි.

මේ අතර ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories