වර්ජනය තාවකාලිකව අවසන් - තෙල් බෙදාහැරීමත් ඇරඹේ

Thursday, 27 July 2017 - 7:09

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඛනිජ තෙල් වෘත්තිය සමිති අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් පසු ලබන අඟහරුවාදා තෙක් වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා.

එහි කැඳවුම්කරු  ඩී.ජේ. රාජකරුණා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ අනුව ඊයේ පස්වරුවේ සිට අත්‍යවශ්‍ය සේවා සදහා තෙල් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කළ බවයි. අද උදෑසන සිට අනෙකුත් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බවද ඔහු කියා සිටියා.

ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීම, හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය සංස්ථාවට පැවරීම සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කඩිනමින් නවීකරණය කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් ඛනිජ තෙල් සේවකයින් පසුගිය 24 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය ආරම්භ කළා.

කෙසේ වෙතත් පෙරේදා රාත්‍රියේ තෙල් බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කළ අතර, ඒ අනුව වර්ජනයට එක්ව සිටි සේවකයින් රැඳී සිටි කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට ඊයේ අලූයම යුද හමුදා සාමාජිකයින් ඇතුළු වුණා.

පසුව වර්ජනයට එක්ව සිටි සේවකයින් එම සංකීර්ණයේ පිවිසුම් දොරටුව අවහිර වන ලෙස රැඳී සිටි අතර, ඊයේ දහවල් ගුවන් තොටුපලට ඉන්ධන රැගෙන යාම සඳහා පැමිණි දුම්රියකට කොළොන්නාව තෙල් පර්යන්තයට ඇතුලූවීමට සේවකයින් ඉඩ ලබා දුන්නේ නැහැ.

පසුව එම ස්ථානයට පොලීසිය සහ කැරළි මර්දන ඒකකය පැමිණ  තෙල් පර්යන්තය ඉදිරිපිට සහ දුම්රිය මාර්ගයේ රැඳී සිටි ඛනිජ තෙල් සංස්ථා සේවකයින් ඉවත් කිරීමට පියවර ගත්තා. 

එහිදී කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත ඛනිජ තෙල් වෘත්තිය සමිති නායකයින් ඇතුලූ සේවකයින් 16 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන පොලිස් ඇප මත මුදාහළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories