පළායාමට උත්සහ කළ රැදවියෙකුට වෙඩි

Thursday, 27 July 2017 - 11:04

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92
අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ රැඳවියෙකු පොලිස් රැකවරණයෙන් මිදී පලායාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරියෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර  තිබෙනවා.

හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවකට අත්අඩංගුවට ගනු ලැබූ මෙම රැඳවියා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවේ අද පෙරවරුවේයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා රැඳවියා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කිරීමෙන් අනතුරුව ඔහු යළි සිරමැදිරිය වෙත රැගෙන යාමේදී පලායාමට තැත් කර තිබෙනවා.

එහිදී බන්ධනාගාර නියාමකවරයෙකු ඔහුට වෙඩි තැබූ බවයි පොලීසිය සඳහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories