දැරියක් අපයෝජනය කළ හිටපු ඕ.අයි.සී. ට වැඩ වරදී

Friday, 28 July 2017 - 7:46

%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94++%E0%B6%95.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93.+%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
බාලවයස්කාර දැරියක් මව්පිය භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා අපයෝජනය කිරීම යන චෝදනාවලට වරදකරු වූ උතුරු කළුතර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට බරපතල වැඩ සහිතව වසර 19 ක සිරදඬුවමක් ලබාදීමට අධිකරණය ඊයේ පියවර ගත්තා.

ඒ, ඊට අදාළ නඩුව කළුතර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක්ද වින්දිත දැරියට ගෙවන ලෙසටයි.

2008 වසරේ ජුනි මස එක්තරා දිනයකදී කළුතර ප්‍රදේශයේදී අවුරුදු 16 ට අඩු මෙම බාලවයස්කාර දැරිය අපහරණය කළ බවට පවසමින් නීතිපතිවරයා නඩු පවරා තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories