දළදා මාළිගාවේ පෙරහර මංගල්‍යයට තවත් අලියෙකු නිදහස් කෙරේ

Friday, 28 July 2017 - 16:20

%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
කොළඹ 07, ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට වනජීවි භාරයට ගත් අලි පැටවා මහනුවර දළදා මාළිගාවේ පෙරහර කටයුතු සඳහා නිදහස් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ අද නියෝග කළා.

ඒ, මෙම අලි පැටවා නිදහස් කරන ලෙස විහාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් මෝසමක් මගින් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.  

රුපියල් මිලියන 10 ඇප බැදුම්කරයක් මත නිදහස් කළ මෙම අලි පැටවා අගෝස්තු 15 වන දාට පෙර යළි වනජීවි නිලධාරීන්ට භාර දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර කටයුතු සඳහා පමණක් නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටියදී වනජීවි භාරයට ගත් අලි ඇතුන් 15 දෙනෙකු නිදහස් කරන ලෙස පසුගිය 26 වනදා ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories