අත්සන් තැබූ මාගම්පුර වරායේ බදු ගිවිසුම මැතිසබයට - යළි විවාදයකටත් අවස්ථාව

Saturday, 29 July 2017 - 19:14

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%BA%E0%B6%A7+-+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80
හම්බන්තොට - මාගම්පුර වරාය, චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස්ග් සමාගමට බදු දීමේ ගිවිසුමට අද අත්සන් තැබුණා.

ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවය වරාය අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති අතර, ඒ සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති යි ෂිං ලියැං ද එක්ව සිටියා.

ශ්‍රී ලංකා පාර්ශවය වෙනුවෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති සහ වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දසනායක ගිවිසුමට අත්සන් කළ අතර, චීන රජය වෙනුවෙන් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස්ග් සමූහයේ විධායක උප සභාපති ආචාර්ය හූ ජියන්හුවා ඊට අත්සන් තැබුවා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද සමරසිංහ සඳහන් කළේ අද අත්සන් කරන ලද ගිවිසුම යළි අමාත්‍ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බවයි.

ඉන් අනතුරුව පක්ෂ නායකයින්ට එය විවාදයට ගැනීම සදහා දිනයක් නියම කර ගැනීමට අවස්ථාව පවතින බව ද ඔහු එහිදී කියා සිටියා.

එම අවස්ථාවට එක්වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ද අදහස් පළ කරමින් කියා සිටියේ මේ හරහා අවට දිස්ත්‍රික් රැසකට සංවර්ධනයේ ප්‍රතිලාභ පසුව ලැබෙන බවයි.

ගිවිසුම අත්සන් කිරීමත් සමග ඇති කෙරෙන නිදහස් වෙළද කලාප හරහා ඍජු හා වක්‍ර රැකියා ලක්ෂ 3 ත් 4 ත් අතර ප්‍රමාණයක් එම ප්‍රදේශවල ජනතාවට ලැබෙන බව ද අමාත්‍යවරයා සදහන් කළා.

හම්බන්තොට වරාය ගිවිසුම යටතේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය ලෙස ඒකාබද්ධ සමාගමක් බිහි වන අතර, බහුතර ප්‍රතිශතයක් හිමි වන්නේ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස්ග් සමාගමටයි.

ඉතිරිය ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වනු ඇති. හම්බන්තොට වරායේ සියයට 70ක හිමිකාරත්වය වසර 99ක බද්දට චීන සමාගමට ලබාදීම වෙනුවෙන් හිමි වන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories