පැය 24 පුරා විදුලිය සැපයීම අර්බුදයක

Sunday, 30 July 2017 - 12:51

%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A
පැය 24 පුරා අඛණ්ඩ විදුලි සැපයුම අභියෝගයක් වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂන ජයවර්ධන කියා සිටියේ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම අවම මට්ටමක පැවතීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

ඒ හේතුවෙන් විදුලි පරිහරණයේදී සැළකිලිමත් වන ලෙසද ඔහු පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියා.

මේ අතර පසුගියදා පැවති උත්සවයකට සහභාගි වෙමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ විදුලි කප්පාදුවක් සඳහා අමාත්‍යාංශ තාක්ෂනික අංශය වෙතින් තමන්ට යෝජනාවක් ද ඉදිරිපත් වූ බවයි.

කෙසේ නමුත් විදුලි කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට කටයුතු කිරීමට උත්සාහ කරන බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories