මේ වසරේ ආර්ථික වර්ධන වේගය පහළ ගොස් නොමැති බව අගමැති කියයි

Monday, 31 July 2017 - 6:33

%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ස්වභාවික ව්‍යවසනයන් සහ ඩෙංගු උවදුර හේතුවෙන් මේ වසරේ ආර්ථික වර්ධන වේගය පසුගිය වසරට වඩා පහළ යනු ඇතැයි විශ්වාස කළද එය එසේ නොවන බව මහ බැංකුව තමන්ට දැනුම් දී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඊයේ පස්වරුවේ අලුත්ගම ඓතිහාසික කන්දෙවිහාරයට පැමිණි අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කන්දෙවිහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා එහි විහාරාධිපති පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධ රක්ඛිත හිමියන් බැහැ දුටුවා.

විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ විදුල් පහන් වැට විවෘත කිරීමේ අවස්ථාවටද අග්‍රාමාත්‍යවරයා එක්වුණේ ඉන් අනතුරුවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories