අන්තරේ පා ගමන අද පේරාදෙණියෙන් ඇරඹේ, සයිටම් අහෝසි කරන්නේ නැහැ - උසස් අධ්‍යාපන ඇමති කියයි

Monday, 31 July 2017 - 7:21

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A%2C+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කරන විරෝධතා පා ගමන අද (31) පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කිරීමට නියමිතයි.

ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු සනත් බණ්ඩාර කියා සිටියේ දින 05 ක් ක්‍රියාත්මක මෙම විරෝධතා පා ගමන අවසානයේ කොළඹට ළගාවීමට නියමිත බවයි.

මේ සඳහා වෘත්තිය සමිති මෙන්ම තවත් සිවිල් සංවිධාන කිහිපයක්ද සහභාගි වන බව ඔහු සඳහන් කළා.                 

සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් සරසවි සිසුන් ඊයේ දිනයේද ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධාන කර තිබුණා.

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසක් ගම්පහ නගරයේත්, කැළණිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල සිසුන් පිරිසක් කුරුණෑගල නගරයේද  විරෝධතාවල නිරතවුණා.

මේ අතර, මහනුවර ඊයේ (30) පැවැති උත්සවයකට එක්වෙමින් උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ සයිටම් ආයතනය කිසි ලෙසකින්වත් අහෝසි නොකරන බවයි.

කුමන විරෝධතා සිදුකළද ආණ්ඩුව බියවැද්දීමට හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories