කොමිසමට භාරදුන් අර්ජුන් ඇලෝසියස්ගේ දුරකථනයේ දත්ත මැකීමේ උත්සාහයක් හෙළිවේ

Tuesday, 01 August 2017 - 15:09

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම භාරයේ පවතින අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතනයේ දත්ත මකා දැමීමට ගෙවුණු පැය හතලිස් අටේදී උත්සාහ දරා ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුව අද එම කොමිසමට දැනුම් දුන්නා.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ කියා සිටියේ ඒ සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ දියණියගේ ජංගම දුරකතන අංකය යොදාගෙන ඇති බවයි.

අද කොමිසම රැස්වූ අවස්ථාවේදී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුජ ප්‍රේමරත්න කොමිසමට සඳහන් කළේ සිය සේවා දායකයාගේ ජංගම දුරකතනයේ මුරපදය ඔහුට අමතක බවයි.

එම ප්‍රකාශය අසත්‍යයක් නම් අධිකරණයට අපහාස කිරීම යටතේ දඬුවම් ලැබිය හැකි බව කොමිසමේ සභාපති, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි ප්‍රකාශ කළා.

මෙහිදී ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ කියා සිටියේ මේ වනවිට කොමිසම භාරයේ පවතින අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතනයට අන්තර්ජාලය ඔස්සේ කිසියම් පුද්ගලයෙකු ප්‍රවේශවීමට උත්සාහ දරා ඇති බවයි.

ඊට යොදාගෙන ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ දියණිය මෙන්ම අර්ජුන් ඇලෝසියස්ගේ බිරිඳ වන අංජලී මහේන්ද්‍රන්ගේ සිංගප්පූරු ජංගම දුරකතන අංකය බව ඔහු ප්‍රකාශ කළා.

මෙවැනි ක්‍රියා තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ කොමිසමෙන් ඉල්ලා සිටියේ.

අදාළ නියෝගය සම්බන්ධයෙන් පැන නැගුණු නීතිමය ගැටලූවක් නිසා එම නියෝගය හෙට දින නිකුත් කරන බව කොමිසම සඳහන් කළා.

මේ අතර, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක හෙට කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories