අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Wednesday, 02 August 2017 - 14:51

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම වයඹ පළාතේ මෙන්ම කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටද වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එසේම හෙට දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තද සුළං බලාපොරොත්තු විය හැකි බවද එහි දැක්වෙනවා.

හම්බන්තොට සිට පොතුවිල් හරහා කල්මුණේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories