පොලිස් නිලධාරීන්ට පහරදුන් සැකකරුවන් රිමාන්ඩ්

Wednesday, 02 August 2017 - 15:27

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
කෝපායි ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයයි  නියෝගය ලබාදී ඇත්තේ.

මෙම සැකකරුවන් දෙදෙනා අවුරුදු 20 සහ 23 වයස්වල පසුවන දෙදෙනෙක් වන අතර මානිප්පායි ප්‍රදේශයේ පදිංචිකරුවන්.

පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති අතර ඔහු ආවා කල්ලියේ සාමාජිකයෙක් බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිස්පති පුජිත් ජයසුන්දර සඳහන් කළා.

මීට අමතරව තවත් සැකකරුවන් 6 දෙනෙකු ද හඳුනාගෙන ඇතැයි පොලිස්පතිවරයා කියාසිටියා.

රාජකාරී කටයුත්තක් සඳහා යමින් සිටියදී කෝපායි ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පිරිසක් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදී තිබුනා.

යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් නිලධාරියෙකුට ශල්‍යකර්මයක් ද සිදුකළ බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories