උසස් පෙළ හා ශිෂ්‍යත්වය විභාගයට එනකොට "ඇඟේ ගාගෙන එන්න ඕන දේ"

Thursday, 03 August 2017 - 12:46

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%84%E0%B7%8F+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7+%22%E0%B6%87%E0%B6%9F%E0%B7%9A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%95%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%22
රෝහල් වෙත වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ අඩුවක් මේ වනවිට දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රෂිලා සමරවීර ප්‍රකාශ කළේ පසුගිය සති කිහිපයට සාපේක්ෂව මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තාවීම 3000කින් පමණ අඩු වී ඇති බවයි.

අඛන්ඩව සිදු කරන ඩෙංගු මර්ධන මෙහෙයුම් ඊට බලපා ඇති බව ඇය සඳහන් කළා.

වසරේ ගතවූ කාලය තුල ඩෙංගු රෝගීන් එක් ලක්ෂ 19000ක් වාර්තා වී ඇති අතර මියගිය රෝගීන්ගේ සංඛ්‍යාව 327ක්.

එමෙන්ම ලබන 08 වනදා සහ 20 වනදා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ආරම්භ වන බැවින් විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව ධූමායන කටයුතු සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

විභාග පැවැත්වෙන කාලසීමාවේදී සිසුන්ව ඩෙංගු මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මදුරු විකර්ෂක ආලේපන භාවිතා කරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව දෙමාපියන්ට දැනුම් දෙන්නේ.

මේ අතර ඩෙංගු මදුරු කීටයින් භක්ෂනය කිරීම සඳහා පරිසරයට මුදාහැරි පරපෝ්ෂිත මදුරු කීටයා ව්‍යාප්ත වීම සාර්ථකව සිදුවන බව වෛද්‍ය පර්යේෂණ ආයතනය ප්‍රකාශ කළා.

පසුගිය සතියේද 300කට ආසන්න මදුරු කීටයින් ප්‍රමාණයක් අවිස්සාවේල්ල ආශ්‍රිත ප්‍රදේශවලට මුදා හැරි බවයි එහි පරපෝෂවේදී විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories