යාපනයේ තවත් තරුණයින් දෙදෙනෙක් කපා දමයි

Thursday, 03 August 2017 - 14:51

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
යාපනය චුන්නාකම් පොලිස් වසමේදී කන්කසන්තුරෙයි මාර්ගයේ ඊයේ (02) රාත්‍රියේ නාදුනන යතුරු පැදි කණ්ඩායමක් විසින් තවත් තරුණයින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් කපා දමා පලා ගොස් ඇති බව චුන්නකම් පොලිසිය පවසනවා.

කැපුම් තුවාල ලත් දෙදෙනා රෝහල්ගත කොට ඇති බවයි වාර්තාවන්නේ.

චුන්නාකම් පොලිස් වසමේ කෙ.කේ.එස්.මාර්ගයේ රොට්ටයාල්ලඩි මන්සන්ධියේදී ඊයේ (02) රාත්‍රි 11.30 ට පමණ තුවාල ලත් අදාල තරුණයින් දෙදෙනා ගමන් කොට ඇති අතර එම අවස්ථාවේදී එක වරම පැමිණි නාදුනන යතුරුපැදිකරුවන් කිහිප දෙනෙකු විසින් අදාල තරුණයින් දෙදෙනාට තියුණු ආයුධ විලින් පහර දී පලා ගොස් තිබෙනවා.
 
මෙසේ පහර කෑමෙන් තුවාල ලත් තරුණයින් දෙදෙනා යාපනය තෙලිප්පලෙයි පොලීසියට ඇතුලත් කොට ඇති අතර තුවාල ලබා ඇත්තේ සින්නරාසා ශ්‍රීකාන්ත් හා යෝගරාසා අනෝස් නැමති තරුණයින් දෙදෙනෙක්.
 
මෙසේ පහරදුන් කණ්ඩායම හා පුද්ගලයෙකු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මෙම සිදුවීමද ආවා කල්ලියේ ක්‍රියාවක් යැයි චුන්නාකම් පොලීසිය සැක පල කරන අතරම අදාල කණ්ඩායම් සොයා පුලුල් පරික්ෂණයක්ද ආරම්භ කොට තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories