අන්තරේ සයිටම් විරෝධී පාගමන අද කොළඹට

Friday, 04 August 2017 - 7:49

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ සිව් දින පාගමනේ අවසන් දිනය අදයි.

අද (04) දිනයේ ඔවුන් සිය පාගමන කඩවතින් ආරම්භ කර කොළඹ - කොටුවට පැමිණීමට නියමිතයි.

මහනුවර සිට ආරම්භ කළ මෙම පාගමනේ තුන්වන දිනය වූ ඊයේ කඩවතින් එය අවසන් වුණා.

මේ අතර, මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව ගොනු කළ පෙත්සම සළකා බැලීම අද දක්වා කල් දැමුණා.

ඒ ඊට අදාළ නඩුව බුවනෙක අලූවිහාරේ, අනිල් ගුණරත්න, සිසිර ආබෲ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ සලකා බැලූනු අවස්ථාවේදියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories