update : කැළණි පාලම අසල වාහන ගමනාගමනය යථා තත්වයට

Friday, 04 August 2017 - 10:05

update+%3A+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
කොළඹ - නුවර මාර්ගයේ කැළණි පාලම අසල ගමනාගමන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

කැළණිය පාලම මත සවි කර තිබූ මාර්ග දිසා පෙන්වනු ලබන පුවරුවක කන්ටේනරයක් ගැටී එය මාර්ගයට කඩා වැටීම හේතුවෙනුයි අද පෙරවරුවේ සිට මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හට ගැනුණේ.

කඩා වැටී ඇති දිසා පෙන්වීමේ පුවරුව මාර්ගයෙන් මේ වනවිට ඉවත් කර තිබෙනවා.

ඒ අනුව කැළණි පාලම අසල ගමනාගමන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

Update : Friday, 04 August 2017 - 10.28
-----------------------------------------------------------------------------

කොළඹ - නුවර මාර්ගයේ කැළණි පාලම අසල තවමත් රථ වාහන තදබදයක් පවතිනවා.

කැළණිය පාලම මත සවි කර තිබූ මාර්ග දිසා පෙන්වනු ලබන පුවරුවක් වාහනයක් මතට කඩා වැටීම හේතුවෙනුයි අද පෙරවරුවේ සිට මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතින්නේ.

කඩා වැටී ඇති දිසා පෙන්වීමේ පුවරුව ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින අතර, කොළඹට ඇතුලූ වන වාහන නවලෝක වටරවුමෙන් ජපන් මිත්‍රත්ව පාලම හරහා කොළඹට ඇතුළු විය යුතුයි.

රථ වාහන තදබදය අවම කිරීම සදහා එම මාර්ගය හෝ වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories