අගමැති රනිල්ගේ 40 වසරක දේශපාලන දිවිය ගැන විශේෂ සැසියේදී ඒකාබද්ධ විපක්ෂය සහ ජවිපෙ පාර්ලිමේන්තුව මග හරී

Friday, 04 August 2017 - 12:47

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+40+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B6%9C+%E0%B7%84%E0%B6%BB%E0%B7%93
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 සපිරිම නිමිත්තෙන් සුභ පැතීමේ විවාදය අද උදෑසන පැවති අතර, ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් එම අවස්ථාවට සහභාගි වූයේ නැහැ.

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනගෙන් කල විමසිමකදි ඔහු කියා සිටියේ කණ්ඩායම් රැස්විමේදි ගත් තීරණයකට අනුව මෙම විවාදය වර්ජනය කිරිමට තීරණය කල බවයි.

පාර්ලිමේන්තුව පැවත්වෙන දිනය සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් අවසන් පාර්ලිමේන්තු සැසිවාරයේදි ප්‍රකාශ නොවු බැවින් අද (04) පැවත්වෙන විවාදය වර්ජනය  කිරිමට තම පක්ෂය තීරණය කල බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කලා.

මෙම සුබ පැතීමේ විවාදයට අදාළ යෝජනාව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඉදිරිපත් කළ අතර, එය ස්ථිර කළේ දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර් සම්බන්ධන් විසින්.

මෙහිදී එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වන පලනි දිගම්බරම්, මනෝගනේෂන්, රවුෆ් හකීම් යන අමාත්‍යවරුන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අදහස් පළ කළා.

අවසානයේ අග්‍රාමාත්‍යවරයා පිළිතුරු කතාව සිදුකිරීමෙන් අනතුරුව, කතානායක කරූ ජයසූරිය ද අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක් කළා.

පාර්ලිමේන්තුව අද දහවල් 12.20 ට පමණ අවසන් කෙරුණේ මීළග සැසිවාරය අගෝස්තු 8 වනදා දක්වා කල් තබමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories