උතුරු කොරියාව ගැන ජගත් සංවිධානයෙන් දැඩි තීරණයක්

Sunday, 06 August 2017 - 7:42

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
උතුරු කොරියාවේ මිසයිල වැඩපිළිවෙලට එරෙහිව නව දැඩි සම්බාධක පෙළක් පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ තීරණය කළා.

ඒ අනුව උතුරු කොරියාවේ අපනයනයන්ට ද සම්බාධක පැනවෙන අතර, ආයෝජන සීමා කිරීමටද පියවර ගැනෙනවා.

ජගත් ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනා විසින් ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත කිරීම විශේෂත්වයක්.

උතුරු කොරියාව විසින් පසුගියදා අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලූ අතර, එමඟින් ඇමරිකාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කළා.

එය දකුණු කොරියාව, ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුලූ රටවල් රැසක දැඩි විවේචනයට ලක්වුණා.

උතුරු කොරියාව විසින් සිදුකළ න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් හේතුවෙන් එරටට එරෙහිව ජගත් සංවිධානය මීට පෙරද සම්බාධක රැසක් පනවනු ලැබුවා.

එහෙත් එමඟින් ඔවුන්ගේ මිසයිල වැඩසටහන පාලනය කිරීමට හැකිවූයේ නැහැ.

නව සම්බාධක මගින් විදේශ රටවල සිටින උතුරු කොරියානු ශ්‍රමිකයන්ටද තහංචි පැනවීම විශේෂ සිද්ධියක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories