ඉදිරි පැය 24 තුල කාලගුණයේ වෙනසක්

Sunday, 06 August 2017 - 8:02

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි පැය 24 තුළ අපේක්ෂා කරන අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළුවලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

රත්නපුර, කෑගල්ල, මහනුවර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි අපේක්ෂා කරන අතර, නුවරඑළිය, මාතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 පමණ තරමක් තද වැසි අපේක්ෂා කළ හැකියි.

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය වැඩිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories