පර්පචුවෙල් ප්‍රධාන විධායක බැඳුම්කර කොමිසමට

Tuesday, 08 August 2017 - 8:09

%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B6%A0%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන, ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව පිළිබද ජනාධිපති කොමිසම වෙත අද කැදවා තිබෙනවා.

එමෙන්ම එහි ප්‍රධාන ගැණුම්කරුවෙකු ද බැඳුම්කර කොමිසම හමුවට අද කැදවීමටයි කොමිසම තීරණය කර තිබුණේ.

ඔවුන් මෙලෙස කොමිසම හමුවට කැදවා ඇත්තේ ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුත් කිරීමේදී වංචාවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇති පාර්ශවය වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කිරීම අද සිට ආරම්භවීම හේතුවෙන්.

භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති කොමිසමේ පැමිණිලි පක්ෂය වෙනුවෙන් පෙනී සිටින නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සාක්ෂි විමසීම අවසන් කළ බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මීට පෙර විදේශ අමාත්‍ය රවී කරුණානායක කොමිසම හමුවේ පෙනී සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories