කොටුව, ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර පාර වසා දමයි

Tuesday, 08 August 2017 - 11:02

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%2C+%E0%B6%BD%E0%B7%9D%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආබාධිත රණවිරුවන් පිරිසක් මේ වනවිට කොළඹ - කොටුවේ විරෝ්ධතාවක නිරත වනවා.

ඒ හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර දෙසට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ බලවේගය අද උදෑසන කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් මෙම විරෝධතාවය ආරම්භ කළා.

ඔවුන් සැලසුම් කර තිබුණේ පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමටයි.

කෙසේ වෙතත් අද අලුයම් කාලයේ සිට කොළඹ ලෝටස් වටරවුම සහ ඒ අවට මාර්ග කිහිපයක පොලිස් කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් යොදවා තිබුණා.

ලෝටස් පාර වසා දැමීමෙන් අනතුරුව විරෝධතාකරුවන් තවදුරටත් ඒ අවට රැදී සිටින බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories