අමාත්‍ය මණ්ඩලය අද රැස්වෙයි

Wednesday, 09 August 2017 - 8:01

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද රැස්වීමට නියමිතයි.

මෙහිදී අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ වන විට ගැසට් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සඳහා වූ කෙටුම්පත සහ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ද අමාත්‍ය මණ්ඩලයේ අවදානය යොමු වනු ඇති බව ද වාර්තා වනවා.

අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම පිළිබදව හෙට රැස්වන පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගන්නා බව කථානායක කරු ජයසූරිය ඊයේ ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories