ගංජා සහ මත්පෙති සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Wednesday, 09 August 2017 - 9:01

%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ග්‍රෑන්ඩ්පාස් - ඔරුගොඩවත්ත ගුවන් පාලම අසළ දී යතුරුපැදියකින් රැගෙන යමින් තිබූ  ගංජා කිලෝග්‍රෑම් 20ක් සහ ට්‍රැමඩෝල් එක්ස් වර්ගයේ මත්පෙති 2000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු 30 හැවිරිදි වියේ පසුවන කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

සැකකරු අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories