හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු හය දෙනා යළි රිමාන්ඩ්

Thursday, 10 August 2017 - 16:08

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක ඇතුළු නාවික හමුදා සෙබළුන් 06 දෙනා මේ මස 24 වනදා දක්වා අද (10) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.

2008 - 2009 කාල වකවානුවේ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන අතුරුදන් කිරීමේ සිද්ධියකට අනුබල දීමේ චෝදනාවටයි රහස් පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගත්තේ.

කෙසේ වෙතත්, අදත් හිටපු නාවික හමුදා ප්‍රකාශකවරයා අධිකරණය වෙත ඉදිරිපත් නොකළ අතර, ඔහු මේ වනවිට වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories